පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට රජයට වැඩි අයිතියක් ජනතාව විසින් ලබාදී ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.
ඒ අනුව රජයට බහුතරයක් තිබියදී, විපක්ෂ කණ්ඩායම් එකතු වී බලය පිහිටුවීමට උත්සාහ කරන්නේ නම්, එය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී බවයි අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
ප්‍රජාතන්ත්‍රවාදය අනුව, අනෙකුත් කණ්ඩායම්වල සහයෝගය ද ලබා ගනිමින්, බහුතරය බලය ලබාගත් සෑම පළාත් පාලන ආයතනයකම බලය පිහිටුවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවා අවසන් බවත්, මේ වන විට ඉතිරි වී ඇත්තේ එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පමණක් බවයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Helakuru Esana