BREAKING NEWS
Search

කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමේ අයිතිය තියෙන්නේ අපිට – නලින්ද කියයි

86

ඉතිහාසයේ තනි පක්ෂයක් ලෙස ලබාගත් වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාව ජයග්‍රහණය කිරීමට ආණ්ඩුව සමත් වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ජනාධිපතිවරණය, මහා මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය යනු මැතිවරණ තුනක් බවත්, වඩා සාධාරණ වන්නේ පළාත් පාලන මැතිවරණයක් තවත් පළාත් පාලන මැතිවරණයක් සමග සංසන්දනය කිරීම බවයි අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ආණ්ඩුව ලෙස ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන රැසක් තනිව ජයග්‍රහණය කර ඇති බවද, එසේම ඇතැම් පළාත් පාලන ආයතනවල ආණ්ඩුවට හා විපක්ෂයට දෙකටම සභා පිහිටුවීමේ අවස්ථාව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේ අයිතිය ඇත්තේ ජාතික ජන බලවේගයට බවත්, ඒ අනුව එහි බලය පිහිටුවීමට කටයුතු කරන බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *