BREAKING NEWS
Search

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවෙලා – පුනරුදයේ තෙල් මිල වැඩි වෙලා.! – විමල්

171

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවී ඇති පසුබිමක රජය විසින් ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඒ අනුව, ආණ්ඩුව ඉන්ධන මිල අඩු කරන ආකාරය ගැන මැතිවරණ කාලයේදී වේදිකාවල කෑමොර දුන් බවත්, ඇමතිට යන මුදල ඉන්ධන මිලෙන් ඉවත් කළ පසු 50% කින් ඉන්ධන මිල අඩු වන බවට ප්‍රකාශ කළ බවයි අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඉහළ පැලැන්තියේ පුද්ගලයින් භාවිතා කරන ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොකර සාමාන්‍ය ජනතාව භ‍ාවිතා කරන ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මෙලෙස වැඩිවී ඇත්තේ ඉන්ධන මිල පමණක් නොවන බවත්, විදුලි ගාස්තුවද මේ මාසයේ ජනතාවට ලැබෙන්නේ වැඩිවී බවත් ඔහු පවසනවා.

රටේ ජනතාවට හුස්ම ගැනීමට නොහැකි වටපිටාවක් නිර්මාණය වන බවත්, ‘පුනරුදය’ අද සිදු කරන්නේ රටේ ජනතාවගේ උගුරු දණ්ඩ මිරිකීම බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *