BREAKING NEWS
Search

කවුද මේ තුෂාර උපුල්දෙණිය?

2759

පොලොන්නරුව රාජකීය විද්‍යාලයෙන් සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය හදාරා ඇති තුෂාර උපුල්දෙණිය, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිධරයෙකි.

ඔහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු වශයෙන් සේවය ආරම්භ කළේ, 2001 වසරේදී ය.

ඔහු වැලිකඩ, බෝගම්බර, ගාල්ල, කෑගල්ල, කුරුවිට යන බන්ධනාගාරවල සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු ලෙස සේවය කර තිබේ.

ඉන්පසු, බන්ධනාගාර අධිකාරී තනතුරට උසස්වීමක් ලබා ඔහු එම තනතුරෙහි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මහර බන්ධනාගාරය සහ බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානය යන ආයතනවල සේවය කළේ ය.

ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී තනතුරට පත්වීමෙන් පසු ඔහු බන්ධනාගාර මූලස්ථානයේ සේවය කළේ ය.

පසුව, බන්ධනාගාර කොමසාරිස් තනතුරට උසස්වීම් ලබා බුද්ධි හා ආරක්ෂණ, මෙහෙයුම්, පාලන, සැපයුම් යන ක්ෂේත්‍ර භාර බන්ධනාගාර කොමසාරිස් ධූරයන්හි කටයුතු කළ බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් වෙයි.

ඔහු කලක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළේ ය.

ඔහු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධූරයට පත් කරනු ලැබුවේ, 2020 වසරේදී ය.

එම වසරේ ජූනි 08 වන දින ඔහු එම ධූරයෙහි වැඩ භාර ගත්තේ ය.

ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස වසර 5ක කාලය සම්පූර්ණ වූයේ, පසුගිය ජූනි 08 වන දාට ය.

ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, ඊට පසු දින ය.

BBC




Leave a Reply

Your email address will not be published. Required fields are marked *