දත් මදින්න ගිහින් මෙහෙම දෙයක් වෙයි කියලා කවුද හිතුවේ… එලොව ගිහින් මෙලොව අහපු ඔහු කී සංවේදී කතාව..

5910

දත් මැදීම” තරුණයෙකුගේ ජීවිතය මේ තරම් අවදානමකට ඇද දමයි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති.

පසුගිය ජනවාරි 23 වනදා සිදු වූ ඒ අවාසනාවන්ත සිදුවීමෙන් පසු, අසීරු ශල්‍යකර්මයකින් ජීවිතය බේරාගත් තරුණයෙක් සිය අත්දැකීම රටටම දැනගන්න මුහුණු පොත හරහා මේ විදියට හෙළිදරව් කර තිබුණා.

එදින උදෑසන 10 ට පමණ සාමාන්‍ය පරිදි දත් මදිමින් සිටියදී ඔහු එකවරම ලිස්සා වැටී තිබෙනවා.

ඒ සමඟම ඔහු අත තිබූ දත් බුරුසුව කට තුළ සිරවී ඇති අතර, එය ඉවතට ගැනීමට උත්සාහ කිරීමේදී බුරුසුව දෙකට කැඩී එහි කෙඳි සහිත කොටස උගුරේ සිරවී තිබෙන්නේ ඔහුට හුස්ම ගැනීමට පවා අපහසු කරමින්.

වහාම ශික්ෂණ රෝහලේ උගුර කන නාසය (ENT) පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ වික්‍රමසිංහ මහතාගේ 30 වාට්ටුවටත් ඔහුව ඇතුළත් කර ඇති බව සදහන්.

වෛද්‍යවරුන් පවසන පරිදි මෙය ඉතාමත් කලාතුරකින් සිදුවන, අතිශය අවදානම් සහගත තත්ත්වයක් බවයි.

මීට පෙර කිසිදු පුද්ගලයෙකුට මෙවැනි දරුණු අත්දැකීමකට මුහුණ දීමට සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

නමුත් කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද මණ්ඩලය සිය උපරිම උත්සාහය යොදවා අසීරු ශල්‍යකර්මයක් මගින් එම බුරුසු කැබැල්ල ඉවත් කර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට සමත් වුණා.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දැන් සුවය ලබා සිටින මේ තරුණයා, තමන්ට යළිත් ජීවිතය ලබා දුන් වෛද්‍ය අනුරුද්ධ වික්‍රමසිංහ මහතාටත්, 30 වාට්ටුවේ වෛද්‍ය රජිත මහතා ඇතුළු සියලුම වෛද්‍යවරුන්ට, හෙද නිලධාරීන්ට සහ සේවක මණ්ඩලයට සිය හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනවා.

“පුංචි අතපසුවීමකින් මගේ ජීවිතය නැති වෙන්න තිබුණා. දත් මදින විටත් පරෙස්සම් වෙන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා.” ඔහු වැඩිදුරටත් පවසනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!