BREAKING NEWS
Search

ජල ගැල්මෙන් කොටු වුණු වන අලි ආහාර අහේනියෙන් සෝමාවතිය පුදබිමේ…

207

ගංවතුරින් යටවුණු ඓතිහාසික සෝමාවතිය පුදබිමේ සිටින වන අලි ජලය බැස ගිය කුඩා කුඩා ස්ථානවල වැටී නිදා වැටී සිටින අයුරු හා හදිසි අවස්ථාවකදී ගුවනින් ආහාර ද්‍රව්‍ය ගොඩබෑමට ස්ථානගත කොට ඇති භූමියේ පිහිටි තණකොළ ආහාරයට ගන්නා දුර්ලභ දසුන් පෙළක් මේ දිනවල දැකගන්නට ලැබේ.

වර්ෂාවත් සමග ගංවතුරින් කැලෑව ජලයෙන් යටවී ඇති බැවින් මේ දිනවල වන සතුන්ට ද ආහාරයක් සොයාගැනීම අපහසු වී තිබේ. මේ වන විටත් පූජාභූමියට ළඟා වීමට නොහැකි අයුරින් මාර්ගය ජලයෙන් යටවී පවතින අතර ගමනාගමන කටයුතූ ඇනහිට ඇත

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *