BREAKING NEWS
Search

‘අපේ බදු අඩු කරන්න’ – ජනපති අනුර ජනපති ට‍්‍රම්ප්ට ලිඛිතව දැනුම් දේ..!

25

තීරුබදු ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.

ජනාධිපති අනුර දිසානායක මහතා මෙම ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් දැනටමත් යවා ඇති බවත් ඔහු පවසයි.

නව රජය එක්සත් ජනපදය සමඟ වෙළඳ හිඟය අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් ඒ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පසුගිය වසර පහක දත්තවලට අනුව ඇමරිකා එක්සත් ජනපදය සමඟ වෙළඳ හිඟය සියයට 88 ක් බවය.

දේශීය ව්‍යාපාරවලට තීරුබදුවල අහිතකර බලපෑම වැලකීම සඳහා වත්මන් රජය ක්‍රියාශීලී සහ ප්‍රතික්‍රියාශීලී පියවර ගත් බවත් ඔහු තව දුරටත් පැවසුවේය.

ට‍්‍රම්ප්ගෙ බද්දෙන් තත්වය අවුල් වලා තියෙන්නෙ.! – ජනාධිපති අනුර කුමාර

මේ මොහොතේ භූ දේශපාලනයේ යම් අහිතකර තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් පක්ෂ භේදයකින් තොරව සියළු දෙනා රටක් ලෙස එක්ව ඊට මුහුණ දිය යුතු බවද ඒ මහතා කියා සිටියි.

ගාල්ලේ දී පැවැති ජාතික ජන බලවේගය ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේ ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාත සම්බන්ධයෙනි.

“භූ දේශපාලනයේ මේ මොහොතේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපේ අපනයනවලට යම් බලපෑමක් වෙන තීන්දු තීරණවලට එළැඹිලා තියෙනවා. එය විසඳාගැනීම සඳහා උත්සහා සහ සාකච්ඡාකරමින් සිටිනවා.

ඒ වගේම එය විසඳාගැනීම සඳහා ප්‍රයත්න දරන ගමන් එවැනි අභියෝගයකට මුහුණදීලා අපේ රටේ ආර්ථිකය නැවත අර්බුදකාරී තත්ත්වයකට අත්පත් නොවන ආකාරයෙන් ඊට මුහුණ දෙන්නේ කොහොමද කියලා සැලසුම් හදමින් තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *