ඇමරිකාව විසින් මෙරටට පනවා ඇති සියයට 44%ක තීරු බද්ද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුවහොත් ඇතැම් ඇමෙරිකානු ගැණුම්කරුවන් මෙරටට ලබා දී ඇති ඇණවුම් අවලංගු කිරීමේ අවදානමක් තිබෙන බවත් එම ගැනුම්කරුවන් තීරු බදු අඩු රටවල් කරා යොමු වීමේ හැකියාවක් ද තිබෙන බවත් ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවන් එහිදී මෙක්සිකෝව, ඉන්දියාව සහ බ්‍රසීලය වැනි ඇමෙරිකාව අඩු තීරු බදු ප්‍රතිශතයක් පනවා ඇති රටවලට යොමු වීමේ ඉඩකඩක් පවතින බව ද ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.
සියයට තීරු 44 ක තීරු බද්ද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුවහොත් විශේෂයෙන් මෙරට ඇඟලුම් සහ රබර් අපනයන පහත වැටෙනු ඇති බවත් එවිට නිෂ්පාදන ධාරිතාව අඩු වීම හේතුවෙන් අපනයන මුල් කරගත් නිෂ්පාදන අංශය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ආසියානු සංවර්ධන බැංකුව පැවැසුවේය.
ඉන් ආයෝජකයන්ට ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය අඩු වෙතැයි අපේක්ෂා කරන බවත් එවිට මෙරටට ලැබෙන සෘජු විදෙස් ආයෝජන පහළ යා හැකි බවත් මෙරට කර්මාන්ත ශාලාවල සේවතකප්පාදුවක් සිදුවිය හැකි බවත් ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේය.
එවිට රජයට සමාජ ආරක්ෂණය සඳහා වියදම් කරන මුදල ඉහළ දැමීමට ද සිදුවනු ඇති බවත් රජයේ අපනයන ආදායම් පහළ යනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව කියා සිටී.