BREAKING NEWS
Search

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් ගහපු කරණම.

44

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේදී අද (01) සවස අනතුර සිදුව අති බවයි පොලිසිය පවසන්නේ.

පොළොන්නරුව දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වෙමින් තිබූ මෙම බවුසර් රථයේ පෙට්ට්‍රල් ලීටර් 6,600 ක් සහ ඩීසල් ලීටර් 6,600 ක් තිබී ඇති බව පැවසෙනවා.

අනතුරත් සමග ඉන්ධන බවුසරයේ ඇති ඉන්ධන පිටතට කාන්දුවෙමින් පවතිනවා.

ඒ හේතුවෙන් යම් අනතුරක් සිදුවේ වේයැයි සිතා පොලීසිය විසින් එම ස්ථානයට ජනතාව ඒකරාශී වීම වැළැක්වීමට කටයුතු යොදා තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර පරීක්ෂණ මනම්පිටිය පොලීසිය විසින් සිදුකරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *