BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත ඝාතකයන් බෝට්ටුවකින් රටින් පලා ගිහින්..?

22

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලද තුවක්කුකරුවන් දෙදෙනා රටින් පලායන්නට ඇති බවට විමර්ශන කණ්ඩායම් සැක පළ කරයි.

මොවුන් මුහුදු මාර්ගයෙන් ට්‍රෝලර් යාත්‍රාවක් මගින් රටින් පලායන්නට ඇති බවටත් සැක ඇතිව තිබේ.

ඒ අනුව ඔවුන් රටින් පැනගිය බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන්ද පොලිසිය විසින් පරීක්ෂාවකට ලක් කර තිබේ.

නමුත් ඔවුන් පිළිබඳව කිසිදු හෝඩුවාවක් මේ වනතෙක් සොයා ගැනීමට හැකිවී නැත.

මෙම ඝාතනය සිදුකරන ලද වෙඩික්කරුවන් ආරක්ෂක අංශවලට සම්බන්ධ වී සිටි පුද්ගලයන් යැයි සැක කරන බවත් ඔවුන් අදාළ වෙඩි තැබීම් සිදු කළ ආකාරයෙන් එය පැහැදිලි වන බවත් පොලිසිය කියා සිටී.

Source : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *