BREAKING NEWS
Search

පොහොට්ටුවෙන් අය හොරුන්ට නාම යෝජනා නෑ – ඡන්දය ඉල්ලන අයට පොලිස් වාර්තාව අනිවාර්යයි…! – නාමල්

3697

ඉදිරි මැතිවරණවලට නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වැරදිවලට සම්බන්ධද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීමට අනිවාර්යෙන් ම පොලිස් වාර්තාවක් ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා නාම යෝජනා ලබා දීම, ඉදිරිපත් වන ආකාරය පිළිබඳව පක්ෂයක් ලෙස තීන්දුවක් ගත යුතු බව සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් තම පක්ෂය සමග කටයුතු කළ සහෝදර දේශපාලන පක්ෂ, වමේ හා අනෙකුත් දේශපාලන පක්ෂ හා ඒ බොහොමයක් නායකයන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව හෙතෙම පැවසීය.

මැතිවරණයට දින තීන්දු වූ පසු මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳව ප්‍රකාශ කරන බව ත් කෙසේ නමුත් අප ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරිපත් වන බව ත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

අනුර බාලසූරිය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!