BREAKING NEWS
Search

මහල් නිවසේ සිරකල දරුවා ජනේලයෙන් බිමට පනී – බරපතලයි..!

19

13 වන දින දහවල් කාලයේදී කෙසෙල්වත්ත පොලිස් වසමේ පීර් සයිබු වීදියේ නිවසක දෙවන මහලින් පහළට පැන දරුවෙකු තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය මඟින් විර්මශන ආරම්භ කර ඇත.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 12 ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි දරුවා මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම දරුවා 2025.04.13 වන දින සිය නිවසේ සිට ඔහුගේ නිවස ආසන්නයේ පදිංචි කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ පීර් සයිබු වීදියේ වෙළඳසැලකට පැමිණි අවස්ථාවේ එම වෙළඳ සැල ආසන්නයේ පිහිටි තෙමහල් නිවසක යකඩ ගේට්ටුවට මෙම දරුවා තට්ටු කර ඇති බවත් එයට උරණ වූ නිවසේ පදිංචි පුද්ගලයෙකු ඉහත දරුවා බලහත්කාරයෙන් නිවස තුලට ඔසවාගෙන ගොස් දෙවනි මහලේ කාමරයකට දමා සිර කර ඇති බවට අනාවරණය වී ඇති අතර එහිදී බියට පත් වූ දරුවා එම කාමරයේ ජනේලයක් විවෘතකරගෙන බිමට පැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති බවට දැනට සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර මෙම අපරාධයට ආධාර අනුබල දුන් වයස අවුරුදු 59 ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශනය කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *