BREAKING NEWS
Search

මහින්දානන්දගේ ප‍්‍රහාරයෙන් ගුණතිලක රෝහලේ…!

101

අද පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් අවසානයේදී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ මන්ත්‍රීවරයකු කොළඹ යුද හමුදා රෝහලට ඇතුලත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ හා ගුණතිලක රාජපක්ෂ යන මන්තී‍්‍රවරුන් අතර මෙම ගැටුම ඇති වී ඇත්තේ මහනුවර දිස්ත‍්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවක සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් මතයි.

රෝහල්ගත වී සිටින මන්ත්‍රී ගුණතිරක රාජපක්ෂ මහතාගේ උකුල ප්‍රදේශයට යම් හානියක් සිදුව ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ තමන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග බහින්බස්වීමක් සිදුවුවද තල්ලුකිරීමට උත්සාහ නොකළ බවයි.

දෙදෙනා අතර බහින්බස්වීම දුටු ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඔහු ඇදවැටීමට ලක්වූ බවත් අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

 

Source : Lana C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *