BREAKING NEWS
Search

15 වැනිදා උදේ 09.00ට විනාඩි පහක් එක තැන ඉන්නැයි රිලවුන්ට දන්වයි…!

184

පිවිතුරු හෙළ පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ලෝක වනජීවි දිනයේ දී මම රිලවුන්ට, වඳුරන්ට මොනරුන්ට සහ දඬුලේනුන්ට කාරුණික ආයාචනයක් කරන්න කැමතියි. අපේ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිතුමා මාර්තු 15 දා උදෑසන 9.00 සිට 9.05 දක්වා විනාඩි පහ තුල රට පුරාම මේ සතුන්ගේ සංගණනයක් කරන්න සූදානම් කරලා තිබෙනවා.

තමන් වගාවට හානි කරන රිලවෙකු, වඳුරෙකු මොනරෙකු හෝ දඬුලේනෙකු නම් මාර්තු 15 උදෑසන 9.00ට වගාවක් තිබෙන වත්තකට පැමිණ හොඳ සතෙකු වගේ වෙනත් වතු වලට පනින්නේ නැතිව නිසොල්මනේ සිටිමින් ඇමතිතුමාගේ සංගණනයක් සහයෝගය දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

විනාඩි පහ අවසන් වුණාම වත්තෙන් නික්ම යන්න එපා. මොකද කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිතුමා විනාඩි පහක සංගණනයක් ප්‍රකාශ කළත් පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රකාශ කරලා තිබෙන්නේ විනාඩි දහයක සංගණනයක්. ඒ නිසා එතුමාට අනුකම්පා කරලා තවත් විනාඩි පහක් තමන් සිටින වත්ත තුලම රැඳී සිටින ලෙස මේ සතුන්ගෙන් මම ඉල්ලා සිටිනවා. මේ සතුන් කියන දේ අහන්නේ නැතිනම් මේ පණිවිඩය සතුන් සමග කතා කරන්න දන්නා දොස්තර හොඳහිත හෝ සුනිල් වටගල ඇමතිතුමා මාර්ගයෙන් සතුන්ට දැනුම් දෙන්න කියලත් අපි යෝජනා කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *