BREAKING NEWS
Search

රටම හඬවමින් භාතිය අවසන් හුස්ම හෙළයි – වනජීවීයේ වගකිවයුතු කිසිවකුට තවමත් දඬුවම් නෑ..?

816

රටම හඬවමින් භාතිය අවසන් හුස්ම හෙළයි – වනජීවීයේ වගකිවයුතු කිසිවකුට තවමත් දඬුවම් නෑ..?

දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබේ.

දෙවැනි පාරටත් වැටිලා, එයාම හිටගත්තු භාතියට අඩුම ගානේ ජූනි 28 වෙනිදවත් නිසි ප්රතිකාර කලානම් අද වෙද්දි භාතිය කෙලින් හිටගෙන.

ජනතා විරෝධය එල්ලවෙලා, භාතිය වෙනුවෙන් මිනිස්සු එකා පිට එකා හිටගන්න පටන් ගත්තු නිසා තමයි මාස ගාණක් තිස්සේ අහක බලලා, එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් බෙහෙත් කරපු භාතියට හරියට ප්රතිකාර කරන්න ගත්තේ.

මේ වසරේ මුල් මාස 06ට පමණක් අලි මරණ 198ක් බව නිල නොවන වාර්තා සදහන් කරනවා. මිනිස් ක්රියාවන් නිසා සිදුවන කටයුතු හේතුවෙන් මේ වසර තුල පමණක් අලි මරණ 400 ඉක්මවා යත හැකි බව පෙනී
යන කරුණක්. භාතිය ඉන් එක වින්දිතයෙක් පමණයි.

අඩුම ගානේ භාතිය ගැන සොයා බලපු පරිසරයට ආදරේ කරපු මිනිස්සුන්ටත් තග දාපු වනජීවී දෙපාර්තුමේන්තුවේ නොමිනිසුන් ගැන කිසිම විනය පරීක්ෂණයක් අද වෙනතුරුත් නෑ..!
භාතිය අදටත් දුක් විදිනවා.

වැරදිකාරයෝ නිදැල්ලේ ආතල් එකේ උන්ගෙ චිල් එකේ උන් ඉන්නවා.
ඉතින් හෙට දවසේත් මේ වගේ දේවල් බලාපොරොත්තුවෙන් ඉමු..!
✍
මිහිඳු ෆොන්සේකා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!