පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වසර 150ක් පිරීම නිමිත්තෙන් කැලණිය විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (02) දින පැවති ‘යෙළසිය අබිමන්’ සැමරුම් උළෙල සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අගමති දිනේෂ් ගුණවර්ධන, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා ද එක්ව සිටියේය.
උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ,
රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් ඇරඹි විද්‍යාලංකාර පිරිවෙන, භික්ෂූන් වහන්සේගේ භූමිකාව ජනතාවාදී දෘෂ්ටියකින් ප්‍රතිනිර්මාණය කිරීමට ඉටුකළ සේවය අගය කරන බවයි. මෙරටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ රජයේ වැඩපිළිවෙළේදී මහා සංඝරත්නයට සහ ගමේ පන්සලට සුවිශේෂී වගකීමක් පැවරී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. යහපත් සමාජයක් ගොඩනැගීමට විද්‍යාලංකාර පිරිවෙන වැනි ආයතනවල දායකත්වය අත්‍යවශ්‍ය බැවින්, එම ආයතනවල පහසුකම් වැඩිදියුණු කිරීමට රජය නොපැකිළව සහාය වන බවටද ජනාධිපතිවරයා එහිදී සහතික විය.
සිය දේශනයෙන් අනතුරුව, උත්සව භූමියෙන් පිටත්ව යාමට සූදානම් වූ අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රවීණ ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා හමු වූ අතර, එහිදී ඔවුන් දෙදෙනා අතර කෙටි, සුහද කතාබහක් ඇති විය.
තමන්ට අයවැය සම්බන්ධ කටයුතු කිහිපයක් ඇති බැවින් පිටත්ව යා යුතු බව ජනාධිපතිවරයා රවීන්ද්‍ර රන්දෙණිය මහතාට දැනුම් දුන්නේ “බජට් එකේ වැඩ වගයක් තියෙනවා, එහෙනම් අපි ගිහිල්ලා එන්නම් රවී” යනුවෙනි. ඊට ප්‍රතිචාර දක්වමින් රන්දෙණිය මහතා, “අද පාර්ලිමේන්තු නෑ නේද? බජට් එක තියෙන්නේ හත්වෙනිදා නේද?” යැයි විමසීය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා, “ඔව්, ඒ වුණාට බජට් එක සම්බන්ධයෙන් තවත් සාකච්ඡා කිහිපයක්ම තියෙනවා” යැයි පවසමින්, එම සාකච්ඡා සඳහා සහභාගී වීමට පිටත්ව යන බව සුහදශීලීව දන්වා සමුගත්තේය.
මෙම කතාබහ ඇතුළත් ඡායාරූපය මේ වනවිට අන්තර්ජාලයේ සාකච්ඡාවට ලක්වෙමින් පවතී. හිටපු අගමැති දිනේෂ් කෝපයෙන් අහක බලා සිටීම, රවින්ද්‍ර වෙතම පැමිණ ජනපති කතා කිරීමේ නිහතමානීත්වය. මෙම කතාබස් අතර විශේෂිත ඒවා විය.
Source – gossip Lanka News








