BREAKING NEWS
Search

ඇරඹුමේ සිට මෙතෙක් දුර ඔහු හා හිටි හැම කෙනෙක්ටම ස්තූතිය පුද කළ ඔහු ලැබූ ජයග්‍රහණය ගැන සතුටින් කතා කරයි..

203

 

“හිත තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ” කියන වචනය හුඟාක් වෙලාවට කතාවක් විතරක් වෙලා ඉවර වෙනවා. ඒත්, එය ජීවිතයෙන්ම ඔප්පු කරලා පෙන්වන අයත් ඉන්නවා. සමාජ මාධ්‍යය හරහා බොහෝ දෙනාගේ ආදරය දිනාගත් “Chuti Diaries” ලෙස ජනප්‍රිය වූ මේ තරුණයාත් එහෙම කෙනෙක්.

ඔහු වටා අද වෙද්දී විශාල ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා. එය ඔහුගේ නිර්මාණශීලීත්වයත්, අධිෂ්ඨානයත්, සරලත්වයත් එක්ක ගොඩනගාගත් ගමනක් කියලා කියන්න පුළුවන්. එවැනි ගමනක තවත් වැදගත් මංසන්ධියක් ඔහු පසුගිය දිනක සමාජ මාධ්‍යය හරහා හෙළි කළා.

වසර දෙකක් පුරා ගිය ඔහුගේ නාට්‍ය අධ්‍යයන ගමන සාර්ථකව නිම කරමින්, ඔහු මුහුණුපොතට සංවේදී සටහනක් එක්කර තිබුණා. ඒ සටහනේ ඔහු කියලා තිබුණේ මෙන්න මෙහෙමයි:

> “දෙවසරක අවසානය සාර්ථක ලෙස නිමාවිය!
> ඇරඹුමේ සිට මෙතෙක් මා සමඟ සිටි මගේ අම්මා, ඩයනා, දර්ශිනී නානායක්කාර මිස්, නාට්‍ය පාසලේ සියලු දෙනා සහ මාත් සමඟ ඉගෙනුම ලැබූ ආදරණීය සහෝදර සහෝදරියන්ටත්, උදව් කළ සියලු දෙනාටත් හෘදයෙන්ම ස්තූතියි.”

සාර්ථකත්වයක් ලැබුණාම ඒක තමන්ටම තියාගෙන නොසිට, එය හැදූ මිනිසුන්ව මතක් කරන එකම ඔහුගේ වටිනාකම තවත් පැහැදිලි කරනවා. මේ සටහන හරහා ඔහු ලබාගත්තේ ජයග්‍රහණයක් විතරක් නෙවෙයි, ඔහු සමඟ ගමන් කළ සියලු දෙනාටම කෘතඥතාවය පළ කරන මනුස්සකමක්ද පෙන්වලා තිබුණා.

චුටි ලෙස හඳුන්වන මේ තරුණයාගේ ගමන තවදුරටත් කොතෙක් දුරට යාවිද කියලා කාලය කියයි. හැබැයි, මේ වසර දෙකක කැපවීම ඔහුගේ අනාගතයට ශක්තිමත් පදනමක් වෙලා තියෙන එක නම් සැකයක් නැහැ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!