BREAKING NEWS
Search

ආරක්ෂක හේතු මත ඩුබායි ගුවන්තොටුපළේ ගුවන් ගමන් වාර නතර කෙරේ.

347

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙසයි.

ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග ගින්නක් හට ගැනුණු අතර ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජිවීත හානියක් වාර්තා වී නොමැති බවත් ගින්න මැඩපැවැත්වීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

එසේම තම ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අදාළ ගුවන් සමාගම් සම්බන්ධ කර ගන්නා ලෙස ද සංචාරකයින්ට උපදෙස් ලබා දී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!