BREAKING NEWS
Search

ඉදිරියේදී ජල සැපයුමත් සීමා කිරීමට යයි..!

92

රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, මේ වනවිට එවැනි ජල කප්පාදුවක් මණ්ඩලය මඟින් සිදුනොකළ ද පවතින කාලගුණික තත්ත්වය මත ඉදිරියේදී දිනය පුරාවටම ජල සැපයුම ලබාදීම අසීරු වන බවයි.

මේ වනවිට අඹතලේ ඇතුළු ජල පවිත්‍රාගාරවල නිෂ්පාදන ධාරිතාවයට බලපෑම් එල්ල නොවූණ ද උස්බිම් සඳහා ජලය ලබාදීම අඩුපීඩන තත්ත්වයකට පැමිණ ඇති බවද ඒ මහතා පැවසීය.

අඩුපීඩනයක් යටතේ ජලය ලැබෙන ප්‍රදේශ සඳහා මේ වනවිට බවුසර් යොදා ගනිමින් ජලය බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!