BREAKING NEWS
Search

රිටිගල රක්ෂිතයේ අධි සංවේදී කලාපයට ඇතුළු වූ රිෂිවරයෙක් අල්ලයි.

2308

රිටිගල දැඩි ස්වභාවික රක්ෂිතයට අනවසරෙන් ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙක් වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා අවසර පතක් ලබාගෙන රිටිගල පුරාවිද්‍යා නැරඹුම් ප්‍රදේශයට ඇතුළු වී ඇති අතර, පසුව මිනිසුන්ට ඇතුළුවීම තහනමක් කර ඇති දැඩි ස්වභාවික රිටිගල රක්ෂිතයට හොර රහසේ ඇතුළු වී ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් කළ සොයා බැලීමේ දී රිටිගල පිවිසුමේ සිට කිලෝ මීටර් 10ක් පමණ දුර රක්ෂිතයේ අධි සංවේදී කලාපය තුළ සිටිය දී සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී එක් පුද්ගලයෙක් පවසා ඇත්තේ තමන් රිෂිවරයෙක් බවයි. රිටිගල පිළිබදව ගවේෂයණයක් සඳහා රක්ෂිතයට ඇතුළු වූ බවත් ඔවුන් වනජීවී නිලධාරීන්ට පවසා තිබෙනවා.

වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සිදුකළ සෝදිසි කිරීමේ දී මොවුන් දෙදෙනා සන්තකයේ තිබී හග්ගෙඩියක්, උඩැක්කියක්, පොල්තෙල්, ගිනිපෙට්ටි ඇතුලළු දෑ සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මේ අතර අනෙක් පුද්ගලයා සන්තකයේ තිබූ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී සමාජ මාධ්‍ය තුළ පළ කිරීමේ අරමුණින් රක්ෂිතයේ අධි සංවේදී කලාපය තුළ දී ලබාගත් වීඩියෝපට රැසක් ද හමු වූ බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා කහටගස්දිගිලිය අධිකරණය වෙත ඉදිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *