BREAKING NEWS
Search

මහගල්ගමුව වැව් රක්ෂිතය විනාශ කිරිමට පටන් ගෙන.

592

මේ කාවන්තිස්ස මහ ඇතාගේ මහගල්ගමුව වැවේ දි ගත් චායාරුපයකි. ඇතා මහගල්ගමුව වැව් පිටියට බහින තැන කන්දට යාව පිහිටි වනාන්රය ඇතුලත වැවේ ජලය රැදෙන භුමියටම ආසන්නව ස්වර්ණභුමි හිමිකම් පතක් ඇති බව පවසමින් මෙලෙස ⁣එළිකරමින් ඇත. තවත් ස්වර්ණභුමි ඔප්පු ඇතිබවත් චන්ඳ්‍රිකා ජනාධිපති විසින් හේන් ඉඩම් සදහා ලබා දි ඇති ඔප්පු ඇති බැවින් කවුරුන් විරුද්ධ වුවත් එම ඉඩම් එළි කරන බව. එළිකර ඇති ඉඩමේ හිමිකරු බව කියන තැනැත්තා සදහන් කරයි. නමුත් ගැටලුව එය නොවේ විවිධ රජයන් විසින් කල තකතිරු ඔලමොට්ටල වැඩ වලට එරෙහිව අප මැදිහත් වි පත් කල රජයේ පාලන කාලයේම ප්‍රාදේශිය ලේකම් වරු එම කැලෑ එළිකිරිමට අනුබල දීමයි. ප්‍රාදේශිය ලේකම් වරු විශ්‍රාම ලබා නිවෙස් වෙත යනු ඇත. වන අලි එහා මෙ⁣හා ගමන් කරන තැනක ආකර්ෂණය වැවක් වන මහගල්ගමුව වැවේ සුන්දරත්වය විනාශ වි යාමට ඉඩ දිය යුතුද.

රාජාධ්රාජසිං රජු ලබා දුන් ඉඩම් ඔප්පු තිබුන ද වසර ගනනාවක් වසර 20 වැඩි කාලයක් වනාන්රයක් ව පැවති මහ ගල්ගමුව වැවි රක්ෂිතයට මිනිසුන්ට අයිතිවාසිකම් කීමට ඉඩ දි වත්මන් පරිසර ඇමති නිදා සිටිනවා ද? වාහාම මහ ගල්ගමුව වැවි රක්ශිතයේ අනවසර ක්‍රියා නතර කිරිමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමී.

වැවි රක්ෂිත සහ ඒ ආශ්‍රිත වනාන්තර මිනිසුන් පදිංචි වි සිටිය ද අලි මංකඩකක් නම් එය වත්මන් අලි මිනිස් ගැටුමේ බරපතල කම සැලකිල්ලට ගෙන වහාම රජයට පවරාගත යුතුය.

සටහන ආර්.එම්.ජේ බණ්ඩාර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *