BREAKING NEWS
Search

මහින්දගේ දුරකතන ඇමතුම් අසාර්ථකයි.. බැසිල් ඇමරිකා යයි.. නාමල්ගේ මැතිවරණ මෙහෙයුම අඩාලයි..

39

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේ තමන්ට වුවමනා නිසාත්, තම පක්ෂයට ඕනෑ නිසාත්, තම කණ්ඩායමට ඕන නිසාත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. නෙළුම් මාවත පක්‍ෂ මූලස්ථාථනයේ පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත ඔහු මේ බව පැවසීය.

මේ අතර වාර්තා වන්නේ ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාට සහාය දෙන දෙස ඉල්ලමින් හිටපු ජනාධිපතිවරයා විසින් රට පුරා පලාත් පාලන නියෝජතයන්ට ලබාදෙන දුරකථන ඇමතුම් වලට එතරම් සාර්ථක ප්‍රතිචාර නොලැබී ඇති බවයි. මහින්ද රාජපක්ෂ මහතාට ගරු කරන නමුත් නමුත් නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සංවිධානය කිරීමට සූදානම් නැති බවත් එම බොහෝ පිරිස් පවසා ඇත.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම සැලකිය යුතු මට්ටමෙන් අඩාළ වෙමින් ඇති බවත් වාර්තා වෙයි. මේ අතර වාර්තාවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 15 වැනිදා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙන බවයි.

මේ වන විටත් බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිද ඇමරිකාවට ගොස් සිටී.
බැසිල් රාජපක්‍ෂ මහතා මෙරටට යළි පැමිණෙන දිනයක් ගැන තොරතුරු වාර්තා නොවෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *