BREAKING NEWS
Search

හොර උපාධිකරුවන් බර ගණනක් – හොර දොස්තරලාම හයක්..!

120

වත්මන් පාර්ලිමේන්තුව තුළ තම අධ්‍යාපන සුදුසුකම් වංචනික ලෙස ඉදිරිපත් කළ පිරිස බර ගණනක් සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ආරංචි ලැබෙන ආකාරයට හොර දොස්තරලාම හය දෙනෙකු සිටින බවද ඔහු පැවසීය.

‘දැන් මේ රජයේ බලයට ආවේ නූගත් මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක් වෙනුවට උගත් මිනිස්සු බලයට අරන් එනවා කියලා.

ලැයිස්තුවක් ප්‍රචාරය කරලා කිව්වා මේ අය නොම්මර එකේ උගත් මිනිස්සු මාර වැඩ කාරයෝ ඉස්සර හිටපු සෙට් එක වගේ නෙමෙයි කියලා.

කොහොමද වැඩේ කතානායකතුමාටම බීඑස්සී උපාධියක් නෑ. ආචාර්ය උපාධියත් නෑ.. එන්ඩීටී එකත් තියෙනවද කියලා සැකයි.

බොරුවෙන්ම ජීවත් වෙච්ච අය. මේ වගේ බර ගාණක් ඉන්නවා දැන් පේන විදිහට. හොර දොස්තරලම හයක් විතර ඉන්නවා’




Leave a Reply

Your email address will not be published. Required fields are marked *