BREAKING NEWS
Search

තමන් උගන්වන පාසලේ දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කල චක‍්‍රලේඛය ඇමති අණින් අත්හිටුවයි (VIDEO)

164

බස්නාහිර පළාතේ පාසල් රජයේ පාසල් වල ගුරුවරුන්ට පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේකයක් අත්හිටුවීමට කටයුතු කර තිබේ.

එම පළාතේ ගුරුවරුන්ට තම පාසලේ සිසුන්ගෙන් මුදල් අය කරන උපකාර පන්ති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබූ චක්‍රලේකයක් එසේ අත්හිටුවා අත.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙම චක‍්‍රලේඛයට විරෝධය පළ ඇති අතතර අදාළ ගැටළුව සම්බන්ධයෙන් යළි සමාලෝචනය කර ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තුරු මෙම චක්‍රලේකය අත්හිටුවන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළේය.

පළාත් අධ්‍යාපන ලේකම්වරිය විසින් අදාළ චක්‍රලේකය පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ද යොමු කර තිබුනේ එම රෙගුලාසි පිළිබඳ දැනුවත් කරන ලෙසත් ඒවා කඩ කරන්නන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් දැනුම් දෙමිනි.

දැනටමත් සබරගමුව පළාත තුළ මෙම නීතිය ක්‍රියාත්මක වේ.

 

උපුටා ගැනීම : ලංකා සී නිව්ස්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *