BREAKING NEWS
Search

අතීතයට බලපාන්න කරන්න අමාරුම දෙයක් AKD කරන්න යයි.. කැබිනට් අනුමැතිය..

7526

වත්මන් රජය විසින් මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද ” පොහොසත් රටක් -ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 05 කට පසු ලබා දෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා ජනතාව විසින් රජයට වරමක් ලබා දී තිබේ.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න කිරීම සඳහා පනත් කෙටුම්පත් 02 ක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *