අපි හැමෝගෙම හීනය තමයි අපිටම කියලා නිවසක්.ඒ නිසා දැන්ම ඉදන්ම ඔයා ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න සැලසුම් කරනවා වෙන්න පුළුවන්.ඒ කොහොම වුණත් ඉඩමක් මිලදීගෙන නිවසක් හදන්න හිතනවා නම් අනිවාර්යයෙන්ම හිතන්න දේවල් ගොඩක් තියෙනවා.ඒ මොනවද කියලා අද අපි බලමු.
ඔප්පු වල නිරවුල් භාවය
ඔප්පු වල නිරවුල් භාවය තමයි මෙතනදී විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න ඕනේ.එතනදී ඉඩම මිලදී ගන්නේ කාගෙන්ද සහ කොහෙන්ද යන දේ ගැන සැළකිලිමත් වීම වැදගත්.මේ සඳහා තමන්ට විශ්වාසදායක loyer කෙනෙක් මාර්ගයෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්.
ඉඩමට ඇති දුර
මෙහිදී ඉඩමේ සිට කාර්යාලයට ඇති දුර ,දරුවන්ගේ පාසලට ඇති දුර වගේම නිවසේ සිට නගරයට ඇති දුර පිළිබඳව විශේෂයෙන්ම සිහිතන්න ඕනේ.ඒ අනුව ඔබ දුර බැහැර ප්රදේශයක ඉඩමක් ගන්න හිතනවා නම් ඒ ගැන හොඳින් සිතන්න.ඒ විදිහට ඉඩමක් මිලදී ගතහොත් සිදු වෙන්නේ ඔබගේ මුදල් සහ කාලය නාස්ති වීමක් පමණයි.
ප්‍රවාහන පහසුකම්
ඔබට පෞද්ගලික වාහනයක් පවතිනවා නම් දුරබැහැර ඉඩමක් ගැනීම එතරම් ගැටළුවක් වන්නේ නැහැ.නමුත් ඔබ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරනවා නම් ප්‍රවාහන පහසුකම් ගැන ටිකක් හිතුවොත් හොඳයි.මොකද පහසුවෙන් ළඟාවෙන්න පුළුවන් ඉඩමක් ගත්තොත් කාටත් හොඳ වගේම පහසුවක් වෙනවා.
මහා මාර්ග හා නිවසට ඇති පාරවල්
ලංකාව දියුණු වෙමින් පවතින රටක් නිසා සමහර ප්රදේශ වල මාර්ගයන් නිවැරදිව සකස් කර ඇත්තේ නැහැ.එවැනි දුර බැහැර ප්රදේශ වල ඉඩම් මිලදී ගැනීමෙන් වලකිනවා නම් හොදයි.එහිදී ඔබට වහනක තියෙනවා නම් එහි ගමන් කිරීමේදී අපහසුතා වගේම රථයට හානි වෙන්න ඉඩ තනේ නිසා ඒ ගැනත් හිතුවොත් හොඳයි.
ජල පහසුකම්
වතුර කියන්නේ ඔබ අප සියලු දෙනාටම නැතිවම බැරි අත්‍යවශ්‍ය දෙයක්.ඒ නිසා ඉඩමක් ගැනීමේදී ජල පහසුව කොහොමද කියලා බලන්න වෙනවා.මොකද ලංකාවේ සමහර ප්‍රදේශයන් වල ජල ගැටලුව නිසා ගොඩක් අය පිඩාවට පත් වෙලා.ඒ නිසා ඉඩමට පයිප්ප මඟින් ජලය ලැබෙන්නේ නැතිනම් එම ඉඩම ගන්න කලින් දෙපාරක් හිතන්න.
ස්වභාවික අපදා තත්වයන්
ගංවතුර ,නායයාම් වගේ අපදා තත්වයන් පවතින ඉඩමක් විකිණීමේදී ඉඩමේ හිමිකරු ඒ පිළිබඳව සඟවන්න ඉඩ තියෙනවා.ඉතින් එවැනි පළාතක ඉඩමක් මිලදී ගැනීමට පෙර එම ප්‍රදේශයේ පිරිසගෙන් ඒ ගැන අසා දැනගන්න.කඳු ආශ්රිත ප්‍රදේශයන් වල ඉඩම් මිලදී ගැනීමේදී ද එවැනි අනතුරු සම්බන්ධයෙන් සොයා බලන්න
වටාපිටාව
මේ හැමදේමත් එක්ක ඉඩමක් ගැනීමේදී එහි වටපිටාව දරුවන්ට වගේම ඔබටත් ගැලපෙනවද යන්න සිතිය යුතුයි.ඉඩමේ මිල කෙතරම් අඩු වුනත් තමන්ට වාසය කිරීමට නොහැකි පළාතක හෝ එවැනි වටපිටාවක් තිබෙනවා නම් ඉඩම මිලදී ගැනීමට පෙර සිතන්න.
ඔබේ අතේ ඇති මුදල
ඔබ ඉඩමක් ගැනීමේදී ඒ සඳහා ඔබ සතු සියලු මුදල් වියදම් කරන එක නම් එතරම් හොඳ වැඩක් නෙමෙයි.බැංකු loan එකක් ගැනීමේදීත් ඔබට මාසික වාරිකය ගෙවීමට හැකිදැයි සිතන්න.මොකද ඉඩමක වටිනාකම කාලයත් සමග වැඩිවෙනවා.ඒ නිසා ඔබට දැරිය හැකි මුදලකට එකවර හෝ ගෙවීම සඳහා ඉඩමක් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා
(Source – behappy)







