BREAKING NEWS
Search

දැන් තියෙන්නේ හොරකම් කරා, වංචා කරා කියන නිව්ස් නෙමේ – සුලු සුලු අත්වැරදීම් වෙන එව්වා…!

29

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරැණාරත්න මහතා විසින් වැරදි ආකාරයට ජාතික කොඩිය ඔසවා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා චෝදනා කරයි.

නව වසර වෙනුවෙන් බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති ක්ලීන් ශ‍්‍රී ලංකා ආරම්භ කිරීමේ උත්සවයකදී ඔහු ජාතික කොඩිය ඔසවන ලද ආකාරය වැරදි බවද හෙතෙම පැවසීය.

ජාතිය කොඩිය සාමාන්‍යයෙන් ඔසවන්නේ වර්ණ තීරු දෙක අසලින් ගැට ගසා වුවත් මෙවර ඔසවා ඇත්තේ සිංහයාගේ වල්ගය පැත්තෙන් ගැටගසා බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මෙවැනි දේ ගැන නම් අපිට කියන්නට ඇත්තේ පසුගිය 76 වසර පුරාවටම අප විසින් මතුරමින් කියන ලද හොරකම් කරා, වංචා කරා කියන නිව්ස් වෙනුවට මැති ඇමති වරුන්ට සුලු සුලු අත්වැරදීම් වෙන ප්‍රව්‍රිත්තින් පමනක් වන බවයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *