පාලක මණ්ඩලය එක්ක උරන වූ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් තරග වර්ජනයක…

508

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ  (15) පැවැත්වීමට තිබූ පළමු තරගය එරට ක්‍රිකට් ක්‍රීඩකයින් වර්ජනය කර තිබේ.

ඒ, බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂ එම්. නස්මුල් ඉස්ලාම් ඉල්ලා අස් නොවන්නේ නම් සියලු ආකාරයේ තරග වර්ජනය කරන බවට ඔවුන් මීට පෙර තර්ජනය කළ පසුබිමකය.

චැටොග්‍රෑම් රෝයල්ස් සහ නෝකාලි එක්ප්‍රස් කණ්ඩායම් අතර (15) පැවැත්වීමට නියමිතව තිබුණ ද එම කණ්ඩායම්වල ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියට නොපැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ අතර ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි20 ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට බංග්ලාදේශය ගත් තීරණයේ වෙනසක් නොමැති බවට අදාළ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!