BREAKING NEWS
Search

සම්මාන නොලද රටක් ආදරේ කරන ඒ සුමිහිරි ලයාන්විතයා චන්දන ලියනාරච්චි,

82

රන් තාරුකා පීදෙන රැයක, සඳු හාදු දිදී
සුමුදු වලාවක හිඳ ආපසු යන්න නොදී සිතින් අදින..
ප්‍රේමය ලොව හැමදෙනාටම කියා දෙන
සුපසන් ළයාන්විතයා…..

චන්දන ලියනාරච්චි..

ප්‍රේමයේ අරුත ආදරයෙන් හිත් පතුලටම දැනෙන්නට රිදෙන්නට ගායන අපූරු රසවතා.
ආදරණීයම ගී පොකුරක් සන්සුන්ම කෙනෙකුගෙන් ළයාන්විතව ඇහෙන කොට දැනෙන හැඟීමආදරණීයයි.

ජාතික තරුණ සේවා සභාවෙන් බිහි කරපු අතිදක්ෂයෙකි.
වර්තමානයේ ඇසෙන අරුත්සුන් පදවැල් සහිත ගී වලට චන්දනයන්ගේ ගීතවල අරුත දැනෙනකොට දැනෙන සනීපය අපූරුය .
චන්දන ඉතා සන්සුන්, අවිහිංසක, තැන්පත් නිවුණු චරිතයකි.
රැල්ලට නොගිය ඉතා ඉවසිල්ලෙන් සංයමයකින් තෝරා බේරගෙන නිහඬ ගමනක යන ගායනවේදියකි
එදා දැකපු චන්දනම අදත් අපිට ඒ පෙනුමෙන්ම දකින්නට හැක්කේ ඔහුගේ හිතේ ඇති සන්සුන් බව නිසාම විය හැකිය.

සන්සුන් සරල බව කැටිකර ගත් කිසි දිනක කටකතාවක් හෝ රසික අප්‍රසාදයට ලක් නොවූ අපූර්වතම සහෘදයෙකි.
ප්‍රසංග වේදිකාව තුළ වුවද ඉතා සංයමයෙන් ්‍රේක්ෂකයා රස ගන්වන කලාකරුවෙකි.

සමහර ගායකයන් වේදිකාවේ ගී ගයන්නට ලක්‍ෂ දහයකට අධික මුදලක් අය කරන බැව් නොරහසකි. නමුත් ඔවුන්ගේ ගී වල අපට මතක මුල් පද කිහිපය පමණි.පෙනුමට ආකර්ෂණය වන සමාජයක හඬට අනුවර්තනය වන්නට රසිකයන්ට නොහැකි වීම කනගාටුවකි.
චන්දන හදවතේ ගැඹුරටම ගීත ගායනා කරන ළයාන්විතයෙකි, ඔහුට වේදිකාවටරෝස මල් ගෙන එන්නට ලද බොළඳ හුරුබුහුටි රසිකාවියන් නැතත් ඒ හඬට ආදරේ කරන ප්‍රේක්ෂක රැලක් ඔහු වටා සිටි.

හදවතේ ගැඹුරටම ගී ගයන මේ ගායකයා ඔබේ හදවතේ ගායකයා නොවන්නේ මන්දැයි ගැටලුවකි.
හැමදාම එකම පිරිසක් වටා ඇගයීම් ලැබෙන කාලවකවානුවක චන්දන වගේ ළයාන්විත හැඟීම් උනන ගී ගයන හදවතටත් ඇගයීමක් ලලැබුනා නම් කොයිතරම් අපූරුද චමත්කාරද.

තවත් බොහෝ කාලයක් අපගේ හිත සනසන්නට ඔය කටහඬට හැකි වේවා.

✍️ ශාන් ඉද්දමල්ගොඩ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *