BREAKING NEWS
Search

මාලිමාවෙන් ගෙදරටම ඇවිත් නඩු ඇහුව – මන්ත්‍රී රෝහිනිගෙන් අන්දෝලනාත්මක හෙළිදරව්වක්..!! (Video)

43

මාතලේ යටවත්ත පදිංචි අමල් අත්තනායක මහතා ගේ නිවසට පැමිණි ජවිපෙ සමාජිකයින් පිරිසක් ඔහුට විනාඩි 22 ක් පුරා තර්ජනය කරමින් දොස් පවරා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝහිනී කවිරත්න මහත්මිය පවසයි.

යටවත්ත ප්‍රාදේශීය සභාවේ ජවිපෙ හිටපු මන්ත්‍රී ඩබ්ලිව්. ජී. මංජුල ප්‍රසාද් සමරවීර හා මෑතක දී මාලිමාවට එක් වූ විජේරත්න නැමැත්තෙක් මෙසේ තර්ජනය කරන්නේ ෆේස්බුක් හි දමන ලද සටහනක් සම්බන්ධයෙන් යයිද ඇය කියයි.

ගමේ නඩු ගෙදරටම ගොස් ඇසීමේ මාතලේ පැරණි ක්‍රමයට පරාජය කිරීමට රටේ සියලු ප්‍රගතිශීලි බලවේග නිදහස් පුරවැසියන් එක් විය යුතු බවත් සමාජ මධ්‍ය මගින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් සියළු පුරවැසියන්ට ඇති බවත් ඇය පෙන්වා දෙයි.

වෛරය හා ක්‍රෝධය පැවරවීම තුලින් බලයට පැමිණි මේ පිරිසල දැන් විපක්ෂයේ හිතවතුන්ටල මහජනතාවට සමාජ මාධ්‍ය තුලින් ‘පරණ පොරොන්දු සිහිපත්කිරීම’ට හෝ ඉඩක් නොදී කටයුතු කරමින් සිටින්නේ යයිද ඇය කියා සිටී.

උපුටා ගැනීම

මාතලේ යටවත්ත අපගේ හිතවත් අමල් අත්තනායක මහතා ගේ නිවසට පැමිණි ජවිපෙ සමාජිකයින් පිරිසක් ඔහුට විනාඩි 22 ක් පුරා තර්ජනය කරමින් දොස් පවරා ඇත. මේ සමඟ ඇත්තේ එම සිද්ධියේ විඩියෝ කොටසකි.

මෙහි කළුපැහැති ජැකට් එකක් දමා සිටින්නේ යටවත්ත ප්‍රාදේශීය සභාවේ ජවිපෙ හිටපු මන්ත්‍රී ඩබ්ලිව්. ජී. මංජුල ප්‍රසාද් සමරවීර ය. ඔහු සමඟ පැමිණි ‍අනෙක් පුද්ගලයා මෑතක දී මාලිමාවට එක් වූ විජේරත්න නැමැත්තෙකි. මංජුල යනු 1988-1990 භිෂණ සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ විදුල්පතිවරු, ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිසක් පුද්ගලිකවම ඝාතනය කළ, මාතලේ දේශප්‍රේමී සන්නද්ධ බලකායේ නායකයා ලෙස කටයුතු කළ ‘තුසිත මුනිදාස’ හෙවත් ‘මුනී’ ගේ පවුලේ සමාජිකයෙකි. ‘තුසිත මුනිදාස සන්නද්ධ බලකාය’ ලෙසින් මාතලේ භිෂණය පැතිරවූවේ මේ කණ්ඩායමයි. ගමේ නඩු ගෙදරටම ගොස් ඇසීමේ මාතලේ පැරණි ක්‍රමයට පරාජය කිරීමට රටේ සියලු ප්‍රගතිශීලි බලවේග, නිදහස් පුරවැසියන් එක් විය යුතුය.

සමාජ මධ්‍ය මගින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් සියළු පුරවැසියන්ට ඇත. අප සියළු දෙනා එක්වී එම අයිතිය රැකගනිමු.
පළාත් පාලන ඡන්ද විමසීම ආසන්නයේ මාතලේ දිස්ත්‍රිකකයේ විපක්ෂයේ ක්‍රියාකාරකම් තර්ජනයෙන් හා බිය වැද්දීම් තුලින් අඩපණ කළ නොහැකිය. වෛර හා ක්‍රෝධය පැවරවීම තුලින් බලයට පැමිණි මේ පිරිස, දැන් විපක්ෂයේ හිතවතුන්ට, මහජනතාවට සමාජ මාධ්‍ය තුලින් ‘පරණ පොරොන්දු සිහිපත්කිරීම’ට හෝ ඉඩක් නොදී කටයුතු කරමින් සිටී.

ලැජ්ජයි! කැතයි!! නින්දිතයි!!!

රෝහිණී කවිරත්න
මාතලේ සමගි ජනබලවේගය දිස්ත්‍රික් නායිකා

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *