ජනාධිපතිවරයා රණවිරු සැමරුමට එක්වීමට මුල සිටම සැලසුම් කළේ නම්, ජනාධිපතිවරයාගේ නම නොමැතිව උත්සවය සඳහා ඇරයුම්පත් යවන්නේ කවුරුන් විසින්දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ප්‍රශ්න කර සිටිනවා.
ඒ අනුව අමාත්‍ය විජිත හේරත් (19) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ජාතික විජයග්‍රාහී සැමරුමට යාමට ජනපති මුල සිටම තීරණය කර තිබූ බවට ප්‍රකාශ කළ බවයි (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළ ද, අදාළ උත්සවය වෙනුවෙන් ආරාධිතයින්ට යොමු කළ ඇරයුම් පතෙහි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නම නොමැති බවද, එහි ඇත්තේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නම බවද ඔහු ප්‍රකාශ කළා.
එම ඇරයුම් පත් මුද්‍රණය කළේ කවුරුන් විසින්ද යන්න ගැටලු සහගත බවත්, ආණ්ඩුවේ ප්‍රධානියා අපහසුතාවට පත් කිරීමට ආණ්ඩුවේම පිරිස් උත්සාහ ගන්නවාද යන්න සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Source – Esana