BREAKING NEWS
Search

මාලිමා කැබිනෙට්ටුවේ විස්තරේ මෙන්න..!

92

ජාතික ජන බලවේග නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට දිනයේ පත් කිරීමට නිමිතිව තිබේ.

එහිදී උපරිම වශයෙන් කැබිනට් අමාත්‍යවරුන් විසි පහක් පත් කිරීමට නියමිත අතර එම සියලු දෙනාම හෙට දිනයේ පත් නොකෙරෙනු ඇත.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතැම් අමාත්‍යංශ සඳහා දෙදෙනකු බැගින් පත් කිරීමට නියමිත බවද සඳහන් වෙයි.

කැබිනට් අමාත්වරුන් පත් කිරීමේදී ඒවාට අදාල විෂය ප්‍රවීණයන් පත් කිරීමට දැනටමත් සැලසුම් කර ඇත.

කැබිනට් අමාත්‍ය ධුර ලබා දීමේදී මූලිකව අදාල වන දිස්ත්‍රික්කයකයන් සම්බන්දයෙන්ද සැලකිලිමත් වෙමින් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ ලබාදීමට සැලසුම් කර ඇත.

අවම වශයෙන් දිස්ත්‍රික්කයකට කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය දුර දෙකක් හෝ ලබාදීමට මූලික වශයෙන් දැනටමත් සැලසුම් කර තිබේ.

මෙම කැබිනට් මණ්ඩලය දිවුරුම් දිම හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ සිදුකිරීමට නියමිතව ඇත.

ඊට අදාළ මූලික සූදානම් කටයුතු මේ වන විටත් සිදුවෙමින් ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *