විජය මාලිනි පෙම් කතාව සිනමාවට ආදරය කරන අය අතර රහසක් නෙමෙයි – මෑතක මාලිනියත් ඒ ගැන යමක් කියනවා අප දුටුවා – මේ ඒ ආදර කතාව ගැන තවත් කතාවක්
ඔය කියන පෙම් කතාව මෝරා – දඵලා – වැඩී – අතු ඉති ලියලද්දී විජයට ඕනෙ වුනාලු මාලිනියව කැන්දන් එන්න – ඒ සදහ දින වකවානු පූර්වව තීරණය කරපු ඔහු ගියාලු ඒ සම්බන්දයෙන් තමන්ට හිතවත් දෛවඥයෙකුටත් දැනුම් දෙන්න –
විජය සිනමාවට පිවිසෙන්න පෙර පොලිස් සේවයට බැදෙන්න උත්සාහ කරපු මොහොතක මේ දෛවඥයා කියපු අනාවැකියක් හරි ගියපු නිසා තමයි විජය මේ කියන දෛවඥයා ටිකක් ලගින් ඇසුරු කලා කියන්නෙ –
විජය පොලිස් සේවයට බැදෙන්න උත්සාහ කරද්දී ඔහු විජයට කියපු අනාවැකිය තමයි “ ඔබ පොලිස් සේවයට බැදුනොත් අනිවාර්යෙන් ම ඔබ නතර වෙන්නෙ පොලිස්පති වෙලා – සිනමාවට සම්බන්ද වුනොත් ඔබ නතර වෙන්නෙ රටේ ජනප්‍රියම නඵවා වෙලා –
ඉතින් විජය අදාල දෛවඥයා ලගට – ගිහින් කිව්වලු මහත්මයා මං අහල් දවසෙ මාලිනි සමග විවාහ වෙන්න තීරණය කලා කියලා .
ඒ මොහොතෙ අදාල දෛවඥයා පොඩ්ඩක් ඉන්න කියලා ඔහු ගාව තිබුන විජයගේ හදහන හොදින් පරීීක්ෂා කරලා බලල කිව්වලු “ පිස්සුද මහත්තය ඔය කියන දවසෙ ඔබට විවාහ වෙන්න ලැබෙන්නෙ නෑ “ කියල – එවිට විජය කිව්වලු “ දින තින්දුයි – පල්ලියෙ පුංචි උත්සහවයක් අරන් මමයි මාලිනියි බදිනව කියල ල මහත්තයත් ඇවිත් යන්න එන්න “ කියලා
“කෙරෙන්නෙ නෑ මහත්තයා“ කියල දෛවඥයා හිනාවුනාලු.
‘‘කෙරෙනවා – මහත්තය අනිවාර්යෙන් එන්න ‘ කියල විජය ගියලු –
හරියටම මංගල්ලයට දින තීන්දු කරන් හිටපු ඔය කියන දිනයට කලින් දවසෙ සිඩ්නි කුමාරතුංග මිය යනවා – ඒ කියන්නෙ විජයගේ අයියා – ජීවන්ගෙ තාත්තා –
ඒ අනුව දෛවඥයාගේ අනාවැකිය සැබෑ වෙමින් විජයට මාලිනියව මගෑරෙනවා —
මාලිනී තැනකදී කියනවා “ අපිට අපි මගෑරුනා -ඒ කතාව එහෙම ම අතීතයට අයිතිවුනා – ඒත් බැදීම තවමත් හිතේ තියෙනවා ““ කියලා –
එදා එහෙම නොවුනනම් ලංකාවේ සිනමා හා දේශපාලන ඉතිහාසය අදට වඩා ගොඩක් වෙන්න තිබුනා —
සුබ ගමන් නිළි රැජිණියනි –
විජය කුමාරතුංග ආදරණීය කලාකරුවාණනි අමතක නෑ ඔබවත්