බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සිය මුහුණු පොතට අපුරු සටහනක් එක්කර තිබෙනවා.
ඒ අපේ ඉතිහාසය ලොවට ගෙන ගිය ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයෙක් වූ සෙනරත් පරණවිතාන සූරීන් සීගිරිය පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමට නතරව සිටි ස්ථානය පිළිබඳවයි…
“සීගිරිය තරම් ම උස මිනිහෙක්
මුළු දවසක් සීගිරියේ ඉඳලා අපි ගොංමං අඳුරේ ම පිට වුණා.
සීගිරිය. එහෙම තැනක් මට ලෝකෙ ආයෙ නෑ.
දහසක් මතක අතරේ ඔබට ඔන්න පින්තූර කීපයක්. මේ තමයි සෙනරත් පරණවිතාන සූරීන් නතර ව සිටි නවාතැන. මේ හාන්සි පුටුවෙ එයා වාඩි වෙලා සීගිරිය දිහා බලා ඉන්නවාලු.
එතනට සීගිරිය පෙනෙන හැටි තමයි මේ. එයා පාවිච්චි කළ යකඩ වියන් ඇඳ ගේ ඇතුළෙ තියෙනවා.
පරණවිතාන.සීගිරිය තරම් ම උස මිනිහෙක්.”