BREAKING NEWS
Search

හොරුන්ටයි බෝධිසත්ත්වයින්ටයි එකට ඉන්න බෑ – චාමර සම්පත් කියන හොරු කවුද ?

999

වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමේදී සෑම කෙනාටම එකම හැන්දකින් බෙදන්නේ නම් වඩා හොඳ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.

පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂ කණ්ඩායම්වලට සහයෝගය ලබාදීමට සිදුව ඇත්තේ, ආණ්ඩුව දිගින් දිගටම විපක්ෂ කණ්ඩායම්වලට හොරු බවට චෝදනා කිරීම හේතුවෙන් බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව හොරුන්ට සහ බෝධිසත්ත්වයින්ට එකට වාඩිවීමට නොහැකි බවද, ඒ හේතුවෙන් හොරු වෙනම වාඩිවිය යුතු අතර, බෝධිසත්ත්වයින් වෙනම වාඩිවිය යුතු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ආණ්ඩුව හොරුන්ගේ ලැයිස්තු සාදාගෙන දඬුවම් කරගෙන යන ආකාරයෙන්ම, වත්මන් ආණ්ඩුව නියෝජනය කරන පිරිස් විසින් ප්‍රාදේශීය සභා හා නගර සභාවල සිදුකරන හොරකම් සම්බන්ධයෙන්ද ලැයිස්තුවක් සකස් කරන ලෙස එම සභාවල සභිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *