හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව, වත්කම් හා බැරකම් පිළිබඳ පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද උදෑසන අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබුණි.