බහාලුම් 323 නිදහස් කිරීමට අදාළ ලේඛණය තමන් අද (09) දිනයේ ප්‍රසිද්ධියට පත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
ඒ අනුව තමන් විසින් සිදුකරන 06 වන ප්‍රසිද්ධ කිරීම මෙය බවත්, තමන් විසින් මීට පෙර හෙළිදරව් කළ කිසිවක් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර නොමැති බවයි අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
සාක්ෂි නොමැතිව තමන් කිසි දිනක කතා කර නොමැති බවත්, වචනයක් වැරදුනු පසු තමා ඇතුළට දැමීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම්, එම සෙල්ලම් තමන් සමඟ කිරීමට නොහැකි බවද ඔහු ප්‍රකාශ කළා.
මීට අමතරව මෙම සිදුවීමට සම්බන්ධ නිලධාරීන් රටින් පිටවීමේ සූදානමක් තිබෙන බවද, ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Helakuru Esana