BREAKING NEWS
Search

කඩෙන් සිසිල් බීම බෝතලයක් පානය කළ දැරියක් රෝහල්ගත කෙරේ..! (Video)

35

බලන්ගොඩ, කිරිදිගල ප්‍රදේශයේ ආපනශාලාවකින් දේශීයව නිෂ්පාදනය කළ බීම බෝතලයක් පානය කිරීමෙන් පසු රෝගී වූ දැරියක් හදිසි රෝගී තත්ත්වයකින් රෝහල්ගත කර තිබේ.

8 හැවිරිදි දැරිය අදාළ බීම බෝතලය පානය කිරීමෙන් පසු ක්ලාන්ත තත්ත්වයත් සමඟ වමනය යෑම හේතුවෙන් ඊයේ (12) පස්වරුවේ බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

දැරියට අසනීප වීම හේතුවෙන් එය පරීක්ෂා කිරීමට දැරියගේ පියා ද බීම බෝතලයෙන් ස්වල්පයක් පානය කර ඇති අතර, ඔහුට ද අසනීප තත්ත්වයක් ඇතිවී රෝහල්ගත කර තිබේ.

දැරිය සහ පියා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර මේ වනවිට පියා රෝහලෙන් පිටව ගොස් ඇතැයි අප වාර්තාකරු පැවසීය.

කෙසේවෙතත් අදාළ ආපනශාලාව තිබූ බීම බෝතල් සියල්ල මේ වනවිට සීල් තබා ඇති අතර, අදාළ බීම බෝතල් රස පරීක්ෂක වෙත යොමු කර ඇතැයි මහජන පරීක්ෂකවරයා පැවසීය.

රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතයි.

රෝහලෙන් පිටවී ගිය පියා අදාළ සිදුවීම පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය.

“මම අතන කඩෙන් බීම අරන් දුන්නා. ලොකු දුව බීම එක අතට අර ගත්තා. අනිත් බීම එක පොඩි එක්කෙනාට දුන්නා. ලොකු දුව එකපාරට බිමට වැටුණා. මොකද කියලා බැලුවහම ලේ වමනය දානවා වගේ. ළමයා වැටිලා මුකුත් කතා කළේ නෑ. සිහිය නැතුව වැටුණේ. මම කටට අරන් බැලුවා. ඇසිඩ් වගේ. මම බීම එකත් අරන් බලන්ගොඩ හොස්පිටල් එකට ආවා. ළමයාට ටිකක් අමාරුයි. මම බිව්වහම තොල් ඔක්කෝම පිච්චුණා. බීම වැටුණ තැන්වල ළමයාගේ ඇඳුම් පවා පිච්චිලා තිබුණේ.”

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *