මෙසීගේ වයින් ස්ප්‍රයිට් රහස හෙළි වෙයි ! කොකාකෝලා කොටස් 5%කින් ඉහල නගී !

1642

 

ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ දෙවියා ලෙස සැලකෙන Lionel Messi පිටිය තුළ කරන දස්කම් ගැන අපි කවුරුත් දන්නවා. නමුත් පිටියෙන් පිටත ඔහුගේ එක් කුඩා ප්‍රකාශයකට ලෝකයේ මූල්‍ය වෙළඳපොළක්ම සොලවන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවාද? ඔව්, ඒක ඇත්තටම සිදුවුණා!

පසුගිය ජනවාරි 7 වෙනිදා ආර්ජන්ටිනාවේ ප්‍රසිද්ධ Luzu TV නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මෙසී හරිම සැහැල්ලුවෙන් අපූරු රහසක් හෙළි කළා. සාමාන්‍යයෙන් ඉතා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කරන මෙසී, තමන් ඉඳහිට මත්පැන් පානය කරන විට කැමතිම බීම එකතුව මොකක්ද කියලා කිව්වේ මෙහෙමයි.

“මම Wine බොද්දි ඒකට Sprite ටිකක් එකතු කරගන්නවා. මොකද එතකොට ඒක ඉක්මනටම ‘වදිනවා’ (hits faster).” 

මේ කතාව Social Media හරහා ලැව්ගින්නක් වගේ පැතිරුණා. “ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයා බොන්නේ Wine සහ Sprite නම්, අපිත් ඒක ට්‍රයි කරන්න ඕන!” කියලා රසිකයෝ හිතන්න පටන් ගත්තා වගේමයි. මෙහි ප්‍රතිඵලය හරිම පුදුම සහගතයි.

මේ ප්‍රකාශයත් එක්කම, Sprite සන්නාමය හිමි The Coca-Cola Company එකේ කොටස් මිල දින කිහිපයක් ඇතුළත 5% කින් පමණ ඉහළ ගියා! 📈 එයින් එම සමාගමේ Market Value එකට එකතු වූ මුදල ආසන්න වශයෙන් ඩොලර් බිලියන 13ක් (United States Dollar 13 Billion). හිතාගන්න පුළුවන්ද? නිකම්ම නිකන් “සයිඩ් එකෙන්” කියපු කතාවක් නිසා සමාගමකට ලැබුණු මේ දැවැන්ත ලාභය ගැන මූල්‍ය විශ්ලේෂකයෝ පවා පුදුම වෙලා ඉන්නේ.

මෙසීගේ වචනයට තියෙන බලය (Influence) කොච්චරද කියනවා නම්, ඔහු බෝතලයක් එහා මෙහා කළත්, බීමක් ගැන පොඩි කතාවක් කිව්වත් ඇති, ඩොලර් බිලියන ගණනක් එහා මෙහා වෙන්න. ඉතින්, ඊළඟ වතාවේ ඔබත් Wine වීදුරුවක් බොනවා නම්, මෙසීගේ ස්ටයිල් එකට Sprite ටිකක් දාලා බලන්න අමතක කරන්න එපා!

උපුටාගැනීම – Tharanga Gamage.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!