අවුරුදු 30 ක යුද්ධයක් අවසන් කර ලබාගත් නිදහස සහ සාමය, නාය යෑමකට සමාන වන්නේ කෙසේදැයි තමාට ගැටලුවක් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඒ අනුව ජනාධිපතිවරයා කතා දෙක පටලවාගෙන ඇති බවත්, දෙක පටලැවී ඇත්තේ කාටදැයි යන්න ප්‍රශ්නයක් බවයි අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරයා සහ ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේගය පක්ෂය යුද්ධයක් නොතිබූ බවට සිතූවද, ලොව දරුණුතම ත්‍රස්තවාදය අවසන් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජයට හැකියාව ලැබුණු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
මහින්ද රාජපක්ෂ යුද්ධයට අවශ්‍ය නායකත්වය ලබාදුන් පළියට රටේ රණවිරුවන්ට සාප කිරීමෙන් ඵලක් නොමැති බවද, බටලන්ද වාර්තාව බැලූ විට LTTE සංවිධානය හැරුණුවිට රණවිරුවන්ට වැඩිම හානියක් සිදුකර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවද ඔහු සඳහන් කළා.
LTTE ත්‍රස්තවාදියා වීරයෙක් ලෙස ලෝකය සමරද්දී, අපගේ රණවිරුවා පහත් කර සැලකීමට තරම් ආණ්ඩුව පහත් තැනකට වැටුනේ නම්, රට යන මාවත සම්බන්ධයෙන් අමුතුවෙන් කල්පනා කළ යුතු දෙයක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියේ.
Source – Esana