පසුගිය පළාත් පාලන මැතිවරණයේදී, පළාත් පාලන ආයතන 339 න් ආයතන 267 ක බලය ජාතික ජන බලවේගය විසින් හිමි කරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසනවා.
මැතිවරණයක් යනු ජනතා මතය බවත්, ඡන්ද පවත්වන්නේ විනෝදයට නොවන බවත්, එක පිරිසක් ජයග්‍රහණය කර වෙනත් පිරිසක් බලය පිහිටුවීමේ හැකියාවක් නොමැති බවයි අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 267 න් ආයතන 120 ක බහුතර බලයක් හිමිව ඇති බවද, ආයතන 30 ක ජාතික ජන බලවේගයේ හා අනෙකුත් පක්ෂවල මන්ත්‍රී ධුර සංඛ්‍යාව සමාන වී ඇති බවද, තවත් 117 ක ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළද විපක්ෂයේ සියල්ල එකතු කර බැලූ විට ඔවුන්ගේ මන්ත්‍රී ධුර සංඛ්‍යාවේ වැඩිවීමක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.
එලෙස විපක්ෂයට මන්ත්‍රී ධුර වැඩි පළාත් පාලන ආයතන ජයග්‍රහණය කර ඇත්තේ එක කණ්ඩායමක් නොවන බවත්, පළාත් පාලන ආයතනවලට අදාළව විපක්ෂය කියා දෙයක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Source – Helakuru Esana