ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත , බස්රථ රියදුරන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළදීම අනිවාර්ය කිරිමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලා තිබේ.
පැරණි බස් රථවල ආසන පටි නොමැති බැවින් ඒවා සවි කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන්නේ යැයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා තිබේ.
බස්රථ රියදුරන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළදීම අනිවාර්ය කිරිමේ නීතිය , අනිද්දා එනම් ජූලි 01 සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ගමනාගමන කොමිෂන සභාව නිවේදනය කර තිබිණි .
මෝටර් රථ පනතේ පවතින ප්‍රතිපාදනවලට අනුව, 2011 වසරේ ඔක්තෝබර් මස 01 වන දින සිටම රියදුරන් සඳහා ආරක්ෂිත බඳ පටි පැළඳීම ගැසට් නිවේදනයක් මගින් නීතිගත කර තිබුණි. කෙසේ වෙතත්, එම නීතිය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන්, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ජාතික ගමනාගමන කොමිසම මෙම නීතිය නැවතත් දැඩිව බලාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
Gossip lanka news