BREAKING NEWS
Search

මාස 2කදී බිලියන 22කට වැඩි මත්ද්‍රව්‍ය ලංකාවට ඇවිත්

568

ඉකුත් අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ බහුදින ධීවර යාත්‍රා මගින් මෙරටට රැගෙන ආ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,758ක් සිය භාරයට ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැටලීම් 4ක් සිදුකර මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන ඇත.

එමෙන්ම ගත වූ එම මාස 2 තුළදී පමණක් සැකකරුවන් 25 දෙනෙකුද ඔවුන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2025 වර්ෂයේ මේ දක්වා කාලය තුළ මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමේදී අත්අඩංගුවට ගත් සැකකරුන් හා මත්ද්‍රව්‍ය ප්‍රමාණය ගැන අද (28) පස්වරුවේ නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළේය.

එමෙන්ම සිය භාරයට ගත් සමස්ත හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියන 10.84ක් බවත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 12.16ක් පමණ බවත් පොලීසිය පවසයි.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!