BREAKING NEWS
Search

සිරි දළදා දැක්ම යොදා මූල්‍ය වංචාවක් කළ බවට සුදත්තට චෝදනා – CIDයට පැමිණිලි..! (Vidoe)

49

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලක්සිරි නැමැත්තා ‘සිරි දළදා දැක්මට’ පහසුකම් සැපයීමට බව පවසමින් සංවිධානයක් පිහිටුවාගෙන මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් පාර්ශ්ව කිහිපයක් ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි සහ කරුණු ඉදිරිපත් කළහ.

ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම වංචාවට සම්බන්ධ වූවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලි කර ඇත.

ලබන මස ආරම්භ වීමට නියමිත මෙම සිරි දළදා දැක්මට පැමිණෙන සැදැහැවතුන්ට වැසිකිළි පහසුකම් සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පවසමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන සුදත්ත තිලකසිරි නැමැත්තා පුද්ගලයින්ගෙන් මුදල් එක්රැස් කරමින් මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි ඔවුන් වැඩිදුරටත් චෝදනා කර තිබේ.

මේ අතර ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියේය.

ඒ මීට අදාළව ප්‍රකාශයක් ලබාදෙන්නැයි එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය කළ දැනුම්දීමකට අනුවය.

 

Source : Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *