BREAKING NEWS
Search

මන්ත්‍රී අර්චුනාට එරෙහිව පවත්නා නීතිය යටතේ කටයුතු කරන ලෙසට අධිකරණයෙන් නියෝග..!

129

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සම්බන්ධයෙන් පවත්නා නීතිය යටතේ කටයුතු කරන ලෙසට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එමෙන්ම පෙබරවාරි 3 වැනි දා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි අධිකරණය අනුරාධපුර පොලීසියට නියොග කළේ.

අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන පොලීස් නිලධාරීන්ගේ රාජකාරියට බධා වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුවයි, අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කරන්නේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *