BREAKING NEWS
Search

ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට – අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

1129

පවතින වර්ෂාපතනයත් සමග වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි.

ඒ හේතුවෙන් රංටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව වැඩිවිය හැකි බව ද සඳහන් වේ.

එමෙන්ම ලොග්ගල්ඔය, දියබානාඔය, හෑපොළඹය හා උල්හිටිය ජලාශවල වාන් මඟින් පිටවන ජලධාරිතාව හා බදුළු ඔයේ ජල ධාරිතාවද සෘජුවම මහවැලි ගඟට එකතු වන බැවින්, මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින්, පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාවට අවධානයෙන් සහ විමසිලිමත්ව සිටින ලෙස එම අධිකාරිය දැනුම් දී ඇත.

එමෙන්ම කලා වැව ද්‍රෝණියට අයත් කලා වැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති බැවින් බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළුගඟ යන ජලාශවලද ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේදී එම ජලාශ ද වාන් දැමිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස මහවැලි අධිකාරිය ජනතාවට දැනුම් දී ඇත.

එමෙන්ම මාදුරු ඔය ජලාශයද උපරිම ජල මට්ටමේ පවතින බැවින් එම ජලාශය ද ඉදිරියේදී වාන් දැමීම සිදුවිය හැකි බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!