රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා රජයට කිසිඳු වැඩපිළිවෙළක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.
කිසිඳු වැඩපිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් අගෝස්තු මාසය වන විට ආර්ථික අර්බුදය යළි මතුවී, වර්ෂය අවසන් වන විට එය වඩාත් තීව්‍ර වන බවයි අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
රජයේ වගකීම වන්නේ සියලු දෙනා සමඟ සාකච්ඡා කර සාධාරණ වැඩපිළිවෙළකට පැමිණීම බවද, රටක් බංකොළොත්වීම යනු එය ලේසියෙන් ගොඩ ගැනීමට නොහැකි දෙයක් බවද ඔහු ප්‍රකාශ කළා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වසර එකහමාරක් සිදුකළ දේ සම්බන්ධයෙන් ජනතාවට වටිනාකමක් නොමැති වූ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Source – එසැණ