BREAKING NEWS
Search

වාහන වෙන්දේසිය ගැන මට ලැබුණු තොරතුරු වැරදියි, මගේ කණගාටුව ප්‍රකාශ කරනවා – දයාසිරි ජයසේකර

331

උතුරු මැද පළාත් සභාවේ වාහන වෙන්දේසිය සම්බන්ධයෙන් තමා විසින් ප්‍රකාශ කළේ, පුවත්පත් කිහිපයක තිබූ කාරණා සහ තමන්ට ලැබුණු තොරතුරු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඒ අනුව ඊයේ (02) මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්, කරුණු පැහැදිළි කර තොරතුරු ඉදිරිපත් කර තිබුණු බවයි අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම තොරතුරු අධ්‍යයනය කිරීමේදී තමාට ලැබුණු තොරතුරු වැරදි බවට තමා තේරුම්ගත් බවද, ඒ හේතුවෙන් එය නිවැරදි කිරීම තමාගේ වගකීමක් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඉදිරියේදී ආණ්ඩුකාරවරයාගෙන් එම තොරතුරු ලබාගෙන නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *