BREAKING NEWS
Search

නගරාධිපති තේරීමේ ඡන්දය රූප සුන්දරිය තෝරන තරගයක් නෙවෙයි – මුජිබර් රහුමාන්

774

ඇලවල් සහ බෝක්කු අසල නගරාධිපති තේරීම සිදු කරන්නේ නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් ඔවුන්ගේ නගරාධිපති අපේක්ෂිකාව රැගෙන කොළඹ වටේ යන බවත්, නමුත් ඇය තවම නගරාධිපති ලෙස පත්වී නොමැති බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නගරාධිපති තේරීමේ ඡන්දය යනු රූප සුන්දරිය තෝරන තරගයක් හෝ SMS මගින් තෝරන තරගයක් නොවන බවට නියෝජ්‍ය අමාත්‍යවරයා මතක තබාගත යුතු බවද, මේවා කුඩා දරුවන් සිදුකරන වැඩ බවද ඔහු ප්‍රකාශ කළා.

නීතිය හා සාමය භාරව සිටින නියෝජ්‍ය අමාත්‍යවරයාම නීතියට පටහැනිව කටයුතු කරන්නේ නම්, එය බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක් බවත්, මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source – Helakuru Esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *