BREAKING NEWS
Search

විදුලි ගාස්තු වැඩි කිරීම ජනවරම පාගා දැමීමක් – සජිත්

184

විදුලි ගාස්තු වැඩි කිරීම තුළින් වත්මන් රජය ලබාගත් ජනවරම පාගා දැමීමක් සිදුකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි ගාස්තු වැඩි කිරීම සිදුකරන ලද්දේ රජය සහ විදුලිබල මණ්ලය විසින් සිදුකළ යෝජනාවක් අනුව බවයි අද (11) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

මැතිවරණ වේදිකාවේදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක එදා ප්‍රකාශ කළේ, රුපියල් 9000 ක විදුලිබිල රුපියල් 6000ක් බවට පත් කරන බවද, 33% කින් විදුලි ගාස්තු අඩු කරන බවද යැයි ඔහු ප්‍රකාශ කළා.

රජය තුනෙන් දෙකක බලයක් ලබාගෙන සිදුකළ යුතුව තිබුණේ විදුලි ගාස්තු 33% කින් අඩු කිරීම බවත්, නමුත් වර්තමානයේ සිදුව ඇත්තේ රජය ජනතාවට ලබාදුන් ප්‍රකාශ අමු අමුවේ උල්ලංඝණය කරමින්, ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශ බොරු බවට පත් කරමින්, විදුලි ගාස්තු 15% කින් ඉහළ දැමීම බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Helakuru Esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *